(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.
ඊට අමතරව ප්ලාසිටික් වතුර බෝතල් ලක්ෂ 35ක් පමණ පරිසරයට මුදා හැර ඇතැයි ද නාමල් ධම්මික මහතා කියා සිටියේය.
ඉතාමත් අවිධිමත් ලෙස එම කසල නගරයේ තැන්තැන්වල දමා යාම නිසා නගර සභා සේවකයන් මෙන්ම නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගිහි පැවැදි විශාල පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.
ඇතැම් පිරිස් සිලි සිලි මලුවලට දැමූ මළ මූත්‍ර පවා තිබෙන බවත් ඇතැම් පිරිස් වතුර බෝතල්වලට මුත්‍රාකර නගරයේ තැන් තැන්වල දමාගොස් තිබූ බව ද දිසානායක මහතා කීය.
මේ හේතුවෙන් කසල වෙන් කිරීමේ දී නගර සභා සේවකයන් ඉතා අපහසු තාවයන්ට මුහුණ දුන් බවත් කසල වෙන් කිරීම ඉතා කටුක කටයුත්තක් වී තිබෙන බවද කියයි.
දළදා දැක්මේ අවසන් දිනය වූ අද දහවල් 12.00 පමණ වන විට කසල ටොන් 528 ක් ගුහාගොඩ කසල අංගනයට යොමු කළ බව පැවසූ නාමල් දිසානායක මහතා දළදා දැක්ම අවසන් වන විට එය කසල ටොන් 600 ඉක්මවා යනු ඇති බවද පැවසීය.