දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි


(ජේ.ඒ.එල්.ජයසිංහ සහ  මොහොමඩ් ආසික්)

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද පස්වරු 5.45ට  සවස සාර්ථකව අවසන් කළේය

ඓතිහාසිත සිරි දළඳා දැක්මේ අවසන් දිනයේ  ද  අති විශාල ජනකායක් මහනුවර නගරයේ රැඳී සිටියහ. ඒ අතරින් 8000කට පමණ දළදා වන්දනා කිරීමේ අවස්ථාව අහිමි විය.

ඉකුත් දිනවල කළ ඉල්ලීම අනුව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර නගරයට පැමිණෙන පිරිසේ යම් අඩුවක් දක්නට ලැබිණි.

පසුගිය අප්‍රේල් මස 17 වනදා පස්වරු 12.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාත්වයෙන් ආරම්භ වූ සිරි දළඳා දැක්ම අද සවස 5.45ට  අවසන් විය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින් කෘතිම බුද්ධිය සහ සාමාන්‍ය ගණනය කිරීම්ද යොදා ගෙන සිදු කරන ලද ගණනය කිරීම් අනුව අද දිනය අවසන් වන විට ගෙවී ගිය දින දහය පුරා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත් සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් වන බවට ගණනය වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීම සඳහා මෙම කාලය තුලය මහනුවර නගරයට පැමිණි සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ක් පමණ වනු ඇති බවත් එයින් සියයට 60 කට දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වී ඇති බවත් එම සංඛ්‍යා ලේඛණවල සදහන් වෙයි.