(කාංචන කුමාර ආරියදාස)
දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා ගලක් විදිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් සතුව තිබී බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි බෙහෙත් ආදීය පොලිස් බාරයට ගෙන ඇත.
මොවුන් පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක් අඩි 25ක පමණ ගැඹුරු වළක් හාරා ඒ මත දෝනාවක් යවමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම බැකෝ යන්ත්‍ර අයිතිකරුවෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
වැටලීමට පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි හතරක මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයා ඉල්ලීමක් කිරීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට බාරදෙන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පවසති.





