දළදා මාළිගාව ළඟත් රට මත්පැන් විකුණා අසුවේ


දළදා පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුළ සියලු සුරාසැල් වසා තැබීමට සුරබදු කොමසාරිස් ජනරාල් වරයා නියෝග කර තිබීයදී මහනුවර නගරයේ  ඩි.එස්.සේනානායක මාවතේ සුපිරි වෙළද සැලක අධික මිළ ගණන් වලට මත්පැන් අළෙවි කළ  ස්ථානයක්  වටලා විදේශිය මත්පැන් බෝතල් 20 ක් සමග  ඒවා අලෙවි කිරිමේ යෙදි සිටි පුද්ගලයෙකු  අත් අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ අංශය කියයි.

සැකකරු මහනුවර පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ස්ථානය දළදා මාළිගාව පෙනෙන තෙක් මානයේ පිහිටා තිබු බවත්  දළදා පෙරහැර ද මෙම ස්ථානය ඉදිරිපිට මාර්ගයෙන් ගමන් කරන බවත් සුරාබදු නිලධාරිහු  පවසතිි.

දළදා පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුල සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ නියමයෙන්  සියළු සුරාසැල් වසා තබා ඇති මෙම දිනවල අධික මිල ගනන් වලට මෙම ස්ථානයෙන් තිරුබදු නොගෙවු විදේශිය මත්පැන් බලපත්‍ර  නොමැතිව විකුනන බවට  ලද තොරතුරු මත සුරාබදු  නිලධාරියෙකු ව්‍යාජ ගැනුම් කරුවෙකු යොදවා   සැකකරු ඔහුට මත්පැන් බෝතලයක් විකුනන අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්පැන් බෝතලය සදහා සැකකරු රුපියල් අටදහසක මුදලක් අයකර ඇත. පසුව සුපිරි වෙළදසැල පරික්ෂා කිරිමේදි රහසිගතව සගවා තිබු තවත් විදේශිය මත්පැන් බෝතල් 19 ක් සුරාබදු නිලධාරින් සොයාගෙන ඇත.
දළදා පෙරහැර පැවත්වෙන සමයේ සියළු සුරාසැල් වසා තැඛෙන බැවින්  මහනුවර නගරය තුල සුරා අපරාධ සම්බන්ධව වැටලිම් සිදු කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්. කේ.ජි.ගුනවර්ධන මහතා සුරාබදු නිලධාරින්ට උපදෙස් ලබා දි ඇත.

පෙරහැර සමයේ මහනුවර නගරයට පැමිනෙන සංචාරකයින්ට විදේශිය මත්පැන් විකිනිම සිදුකරන බව සැකකරු සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරනය කර ඇත.

වැඩිදුර පරික්ෂණ වලින් පසුව සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලිම සුරාබදු අපරාධ අංශයට ලද තොරතුරු මත සුරාබදු අපරාධ අංශය භාර නියොජ්‍ය  සුරාබදු කොමසාරිස්  ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙය විම මත සුරාබදු විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට්, සුරාබදු පරික්ෂක ඒ.ටි.විරමන්, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි, සුරාබදු නියාමක අසංක කල්යාණප්‍රිය ඇතුළු නිළධාරි කන්ඩායමක් විසින් සිදුකර ඇත.