(සුජිත් හේවාජුලිගේ )
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
ඒ ලිපියක් යොමු කරමිනි.
එමගින් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි හෙයින් පළාත් පාලන මැතිවරණයට ඉන් අහිතකර තත්ත්වයක් මතු විය හැකි බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත
දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ පතාක ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි පළාත් පාලන කොමසාරිස්වරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබිණ.