දළදා මාලිගා අය වැය ඉල්ලා උසාවි යයි


මහනුවර දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට 2009 සිට ඉදිරිපත් නොකළැයි දියවඩන නිලමේට එරෙහිව ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කෙළේය. මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව  මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු කියති.