දළ පූට්ටුවාගේ පැමිණිල්ල මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්


(මනෝප්‍රිය ගුණසේකර)
 
ගජමුතු ලබාගැනීමේ අදහසින් දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල පැමිණිල්ල මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යෙදවීමට වැඩබලන  නීතිපති සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇත.
 
මෙම පරීක්ෂණයෙදී තමන්ට සහය ලබාදෙන ලෙස පරීක්ෂණ සිදු කරන රහස් පොලීසිය  නීතිපතිවරයා ගෙන් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.