(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙඩි තබා මරා දැමුණු දළ පූට්ටුවාගේ දළ වලින් සැකසු බවට සැකකරන පෙන්ඩන් දෙකක් සමඟ සුරයක් සන්තකයේ තබා ගෙන සිටි ග්‍රාම නිළධාරිවරු දෙදෙනෙක් නිකවැරටිය කොඨඨාස බුද්ධි එකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුහ.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 338 දොරවෙල්ල සහ අංක 394 මකුල්පොත ග්‍රාම නිළධාරි වසම්වල සේවය නියුතු ග්‍රාම නිලධරයන් බව කොට්ඨාස බුද්ධි නිළධාරින් පවසයි.
දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධව සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර කර ඇති බව කියයි.
කෙසේ නමුත් දැනට සිදු කරන පරික්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම දළ පූට්ටුවාට අමතර තවත් ඇතුන් මරා දමා දළ ලබා ගැනීමට ප්‍රධාන සැකකරු සම්බන්ධ වි ඇති බවට තොරතුරු ලැබී තිබේ.

