දළ පූට්ටුවාගේ ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්


(උපාලි ආනන්ද / හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් 9 දෙනා ලබන ජනවාරි 9වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහව අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා අද(26) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ ග‍්‍රාම නිලධාරින් වන අසංක සෙනරත් බංඩාර,   ඇමැති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාප්ලවරයෙකු වන  ආර්. එම්. රුවන් නිලන්ත කුමාර සහ අජන්ත අමරසිංහ නිලන්ත පුෂ්ප කුමාර, මංජුල ප‍්‍රදීප් ජයසිංහ, අරවින්ද බංඩා ,චමින්ද ජයලාල්, එමි මුසවිපර් එච්. එම්. හයර්ඞීන් සහ එස්. කේ. බසීර් යන සැකකරුවන්ය.

දළ පූට්ටුවාට වෙඩි තබා ඝතනය කිරිමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙතත් දළ පූට්ටුවාගේ ශරීරයේ මස් කොටස් ඩී.එන්. ඒ පරික්ෂණයක් සදහා බොරැල්ල ජින්ටෙක් ආයතනයටත් යවන ලෙසටද   නියෝග කරනු ලැබීය.

මේ අතර සියලූ සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා  පිළිබඳ විමර්ශන සිදු කරන රහස් පොලිසියට ලබා දෙන ලෙසට ද සියලූ දුරකථන සමාගම්වල කළමනාකාරිත්වයට තවදුරටත් නියෝග කෙරිණි.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)