දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප නෑ


( උපාලි ආනන්ද)

වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටියදි එම ගජමුතු දෙකද සමග සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩි  බාරයට පත් කර සිටින ග්‍රාම නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැරීම මහව අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි මහතා අද (20) යළි ප‍්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකාර ග‍්‍රාම නිළධාරීන්  දෙදෙනා තවදුරටත් ලබන ජනවාරි මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙසටද  නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා සිද්ධිය සමිබන්ධයෙන් සිදු කෙරෙන  විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණයට   ඉදිරිපත් කරන ලෙසට ද  රහස් පොලිසියට තවදුරටත් නියෝග  කරනු ලැබීය.

මෙසේ තවදුරටත් රිමාන්ඩි කළේ පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  අංක 394 මකුල්පොත ග‍්‍රාම නිළධාරි වසමේ ග‍්‍රාම නිළධාරිවරයා වන මහඑළිය ඉහමුදුගමුව පදිංචි ආර් පී චමින්ද ආරියරත්න සහ අංක 388 ග‍්‍රාම නිලාධාරි වසමේ ග‍්‍රාම නිලධාරිවරයා  වන දොරෙවිරුව  මකුල්පොත කොස්ගහඇල පදිංචි ඉන්දික සේනාධීර යන සැකරකැවන්ය.