දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ එක් අයකුට ඇප


(උපාලි ආනන්ද)

දළ පූට්ටුවා ඝාතන සිද්ධියේ අටවැනි සැකකරුට මහව මහේස්ත්‍රාත් අධිකරණය අද(9) දැඩි කොන්දේසි මත ඇප ලබාදුන් අතර ඉතිරි සැකකරුවන් 7 දෙනා ලබන 23වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි.

ඒ අනුව දළ පූට්ටුවාට වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනි අවිය ළඟ තබාගත් බව කියන එච්.එම්.රන්බණ්ඩා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 1500ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහව අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා අද(9) නියෝග කළේය.

ඇප ලබාදුන් සැකකරුට සෑම ඉරිදා දිනකම මහව පොලිසියේ පෙනී සිටින ලෙසට ද නියම කෙරිණි.