දළ පූට්ටුවා කොතැන ගියේ?


දඹුල්ලේ සිට කලාවැව පැත්තෙන් ගල්ගමුවට යමින් සිටි දළ පූට්ටුවා දින හතක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති. දින හතරකට පෙර රැස්වෙහෙර රක්‍ෂිතයේදී දළ පූට්ටුවා දැක ඇත. එම අලියා සොයා අද මෙහෙයුමක් ඇරැඹු බවද ඔවුහු කීහ.