දළ පූට්ටුවා ආයෙත් වෙඩි කයි
ගල්ගමුවේ අන්ධ දළපූට්ටුවාට කිසියම් පිරිසක් නැවතත් වෙඩි තබා ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛදය තාරක ප්‍රසාද් මහතා කියයි. ප්‍රතිකාර සඳහා වෛද්‍ය කණ්ඩායමක් අලියා සිටින ප්‍රදේශයට පිටත් කැර යවා ඇතැයි ද දළ ගැනීමට මෙම අපරාදය කරන්නට ඇතැයි ද වනජිවි නිලධාරයෝ කියති.
කැකිරාවේ ඉකුත් දා කලහාකාරී ලෙස හැසිරෙමින් වහන 49ක් පොඩි කැර දැමූ මේ ඇතාගේ සිරුරේ වූ තුවාල වලට ප්‍රතිකාර කර සුවවීමෙන් පසු ගල්ගමුව වනාන්තරයට ගොස් සිටියදී නැවතත් ඇතාට වෙඩි තබා ඇත.

