(උපාලි ආනන්ද)
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් පෙබරවාරි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට මහව අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා අද (6) නියෝග කළේය.
මොරගොල්ලාගම නිකවැව පදිංචිකරුවන් වන රාජපක්ෂ මුදියන්ස්ලාගේ අසංක සෙනරත් බංඩාර, ගල්ගමුව ගල්ලෑව රත්නමලල ඉරුගල් බංඩාරලාගේ රුවන් නිරෝෂණ රතනවංශ, මොරගොල්ලාගම සියඔලෑව පදිංචිකරුවන් වන දිසානායක මුදියන්සේලාගේ නිලන්ත පුෂ්ප කුමාර, ලොකු වංශලාගේ අජන්ත අමරජීව හේරත්, මුදියන්සේලාගේ අරවින්ද බංඩාර හේරත්, මොරගොල්ලාගම පොහොරවත්ත කේ පී මංජුල ප‍්‍රදීප් ජයසිංහ යන සැකකරුවෝ වෙති.

