(උපාලි ආනන්ද)
අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ජාතික සවෝද්‍යානයට රැගෙන ආ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ සම්බන්ධයෙන් රසයානාගාර පරික්ෂණ කටයුතු ඇරඹු බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය අද (15) ප‍්‍රකාශ කළාය.
ඇතැම් අවස්ථාවල ව්‍යාජ ඇත් දළ ද පරික්ෂණ වලදී අපට හමු වූ අවස්ථා ඇති බවත් ඒ නිසා මෙම රසායානාගාර පරිෂණයේ දී සිදු වෙන්නේ දළ පූට්ටුවාගේ බව කියන ඇත්දළ සැබෑ ඇත්දළ ද යන්න තහවුරු කර ගැනීමයි.
දළවල වටිනාකම තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ද ගජමුතුවල වටිනාකාම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ද තක්සේරු කිරිම සිදුකරනවා.
ඇත්දළ පිළිබඳව සිදු කරන රසායානාගාර පරික්ෂණයේ හා ඇත්දළ යුගලයේ වටිනාකාම පිළිබඳව තක්සේරු දෙපාර්තමේන්තුව නිකුත් කරන තක්සේරු වාර්තාවත් ගජමුතුවල වටිනාකම සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කරන තක්සේරු වාර්තාවත් ලබන 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ඇය සඳහන් කළාය.

