ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (1) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
නිකවැරටිය සහ අඹන්පොළ පොලිස් ස්ථානවල අපරාධ පරික්ෂණ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මොවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදාගත් කියත් 3ක්,අත් කියතක කොටසක්,ඇත් දළ වලින් සෑදු සිංහ රූප සහිත පෙන්ඩන්ට් දෙකක්, ඇත් දළ වලින් නිර්මාණය කළ සුරයක්, ඇත් දළ කොටසක් සහ කුඩා ගජමුතු එකක් සොයා ගෙන ඇත.