දළ ඇතා මැරූ ගොවියාට ඇප නෑ


( උපාලි ආනන්ද)

විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා  තම ඉඩමට පැමිණි දළ ඇතකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගොවියකු ඇප මත මුදා හැරීම කැකිරාව දිසා  විනිසුරු සහ මහ්සේත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද(18)   ප‍්‍රතික්ෂේප කළේය.

සැකකරු ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසට නියෝග කෙරිණි.

මොරගොඩ පොලිස් වසෙමි අලගොල්ලෑව 9 කනුව පදිංචි සමරකෝන් ගෙදර ප‍්‍රගීත් ශිරාන් (32) නමැති ගොවියකු එසේ රිමාන්ඩ් කෙරුණු අතර තම ඉඩමට  පැමිණි දළ ඇතෙකුට විදුලි සැර වැදීමට  සලස්වා එම දළ ඇතා ඉකුත් 8 වැනිදා මරා දැමූ බවට මෙම සැකකරු අත් අඩංගුවට ගනු ලැබූවේ  මොරගොඩ පොලිසිය මගිනි.

මරා දැමුණු ඇතාගේ දළ යුගලයේ දිග අඩි තුනහාමාරක් පමණ වන බවත් ඇතාගේ  වයස අවුරුදු 25 ක් පමණ වන  බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය සහ වනජීවි නිළධාරිහූ එක්ව සිදු කළ මූලික විමර්ශනවලදි අනාවරණය විය.