(උපාලි ආනන්ද)
විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මොරගොඩ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ගොවියකු ශරීර ඇප මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේසේත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද(2) නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා සතියේ සෑම ඉරිදා දිනයකම මොරගොඩ පොලිසියට වාර්තා කරන ලෙසටද නියෝග කළේය.
ලබන ජනවාරි මස 18 වැනිදා කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකරුට තවදුරටත් නියෝග කෙරිණි.
මෙසේ ඇප මත මුදා හැරියේ මොරගොඩ පොලිස් වසමේ අලගොල්ලෑව 9 කනුව ලිපිනයේ සමරකෝන් ගෙදර ප‍්‍රගීත් ශිරාන් නමැති 32 හැවිරිදි ගොවියෙකි.

