(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරීමට රුපියල් 10000 අල්ලසක් ගෙන ගිල දැමූ වැලිවේරිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෙට (9) දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරපත් කළ ජයකාන්ත ද සිල්වා නමැති නිලධාරියා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා ඔහු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

