දහඅටෙන් එජාපයට එකයි


බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ   ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින්  එක්සත් ජනතා නිදහස් සංධානයට   17ක් ද හිමි වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට  හිමි වූයේ  ගාල්ල අසානය පමණී.

මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආසනයන් හී දි බලය රැක ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයට ඡන්ද වැඩි වීමක් පෙන්නුම් කරන අතර සන්ධානයට ඡන්ද අඩු වීමක් දක්නට ලැබේ.

ඇතැම් ආසනයන් හි ජනතා විමුක්ති පෙරමුණට වඩා ඉදිරියට ඒමට සරත් ෆොන්සේකා ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හැකි වීමට ද විශේෂත්වයකි.