(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිටියි.
එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට පත්කළ ත්‍රීපුද්ගල කමිටුව හමුවේ දසුන් ප්‍රකාශය ලබාදීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් දුන්නේය.

