දවල්ටත් හෙඩ් ලයිට් ඕනෑ


බ්‍රහස්පතින්දා සිට බස්නාහිර පළාතේ  යතුරුපැදි  ප්‍රධාන ලාම්පුව දල්වාගෙන  දහවල් කාලයේ ධාවනය කළ යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

එසේ කිරීමෙන් අනතුරු අවම වී ඇති බව පිටරට සමීක්ෂණ වලින් සොයාගෙන ඇතැයිද ඔහු කියයි.මෙම ක්‍රමය සාර්ථක වුවහොත් එය නීතීගත කරන බවද රෝහණ මහතා සඳහන් කරයි.