දවල් 12ට සියයට 30ක් ඡන්දය දීලා


අද දහවල් 12 වන විට සියයට 30කට වඩා ඡන්දය නොදුන් බව මැතිවරණ නිරීක්ෂකයන් වන පැෆරල් සංවිධානය කියයි. අනුරාධපුරයෙන් සියයට 25ක් ද, රත්නපුරයෙන් සියයට 20-30 අතර ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 30 ක් පමණ ද, පොළොන්නරුවේ සියයට 30ක් පමණ ද ඡන්දය දී ඇතැයි තේරීම් බාර නිලධාරීන් වන දිස්ත්‍රික් ලේකම්වරු කියති. ඡන්ද මධ්‍යස්ථාන අසල මනාප අංක බෙදීම්, ඡන්ද දැන්වීම් ප්‍රදර්ශනය ඇතුළු මැතිවරණ නීති කැඩීම් 37ක් වාර්තා වී ඇතැයි ද සන්ධානයෙන් වැඩිපුර වාර්තා වී ඇතැයි ද  පැෆරල් සංවිධානය කියයි. ඡායාරූප අතුල බණ්ඩාර, ක.ග. කරුණාරත්න, ජවුෆර් ඛාන්,  අමදෝරු අමරජීව, අම්පාර වාර්තාකරු, රොහාන් කුමාර,  සංජිව රත්නායක