දරුවෝ දෙදෙනෙක් කහටපිටිය වැවට බිලි


(කේෂර ගුණතිලක)

මොනරාගල, දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි දරැවන් දෙදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දඹගල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ, දඹගල්ල  කොල්ලදෙණිය උඩුම්ල්ල පදිංචි ඩී.ඇම්. අවිඳු සහ එච්.ජී. හසංක නමැති 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකි.

තම මව්වරුන් සමග කහටගහපිටිය වැවට දියනෑමට ගිය අවස්ථාව් ළමයි දෙදෙනා නෙළුම් අල ගැලවිමට වැවට ගිය මැදට ගිය අවස්ථාවේ ගිලි ඇත.

ප්‍රදේශවාසීන් එක්ව දරුවන් දෙදෙනා ගොඩට ගෙන දඹගල්ල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ළමයි දෙදෙනා මියගොස් ඇත.

මෘත ශරීරය මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.