යුද සමයෙහි බිහිසුණු අත්දැකිම් වලට මුහුණදුන් කිලිනොච්චියේ පාසල් සිසුන් 20 දෙනකු ඇතුළු දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වලින් තෝරාගත් දක්ෂ පාසැල් සිසුන් සිය දෙනෙකුට මව් බිම වටා ගුවනින් රවුමක් යාමටත් මත්තල ගුවන්තොටුපොළ නැරඹීමටත් අද අවස්ථාව උදාවිය.
මෙම සිසුන් සිය දෙනා අතර දෙමළ දරුවෝ 20 ක් සිටියහ. අනෙක් සිසුන් දිවයිනේ දුෂ්කර පෙදෙස් වල දරුවෝ වූහ. කිලිනොච්චියේ සිසුන් කිසි දිනක කිලිනොච්චියෙන් බැහැරව ගොස් නොතිබුණු අතර බොහෝ දරුවන්ගේ දෙමවිපියන් මිය ගොස් ඇති බවද දැනගන්නට ලැබිණි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සංවිධානය කර තිබු මෙම චාරිකාව ‘සිහින ගුවන් සවාරිය‘ නමින් නම් කොට තිබිණි.
විවිධ දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන මෙම දරුවන්ට නැවුම් බලාපොරොත්තු ඇති කරමින් ගුවන් ගමනක අත්දැකීම සහ ගුවන් ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙය සංවිධානය කළේය.
ගුවන්ගමන සඳහා සියළු දරුවන් හට ප්‍රවාහන පහසුකම්, ගුවන්ටිකට් පත් ඇතුළු සියළු අවශ්‍යතාවයන් එම ගුවන් සමාගම නොමිලේ සැපයු අතර සාමාන්‍ය ගුවන්ගමනකට අවශ්‍ය ලියකියවිලි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිසුන් අතට පත්කරනු ලැබීය.
සංචාරය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 400 දරණ ගුවන්යානය සුදානම් කර තිබු අතර සාමාන්‍ය ගුවන්ගමනක සිදුවන අයුරින් ප්‍රවේශපත් කවළු වෙතද, ආගමන විගමන අංශය වෙතද දරුවන් යොමු කරවා ගුවන් ගමනක පුර්ණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අත්විදිමට ඔවුන්ට අවස්ථා සලසා දෙනු ලැබිය.
දරුවන් රැගත් ගුවන්යානය පෙරවරු 11.05 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගම්න් අරඹනු ලබූයේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ මධ්‍යයයේය.
බොහෝ දරුවන් ගුවන්යානයේ කවුළු වලින් අවට සිරිනරඹමින් පැවසුවේ තමන් කිසිදා ගුවන්තොටුපොළක් හෝ දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත්ය.
කිලිනොච්චියෙන් පැමිණි දරුවන් ජීවිතයේ කෙදිනකවත් කිලිනොච්චි නගරයෙක් පිටතට පැමිණ නොතිබු බව පැවසුහ.
කපිතාන් අනුෂ්ක ජීවන්දර යානයේ ප්‍රධාන ගුවන් නියමුවා විය. ඔහු වසර 12 ක පළපුරුද්දක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි. උදිත බාලචන්ද්‍ර යානයේ සහායක නියමුවා විය.
කටුනායක සිට මුහුදු මටිටමින් අඩි එකොලොස්දහසක් උඩට නැන්වූ යානය කටුනායක, මහනුවර හරහා මහියංගනය වෙත ගමන්කොට නැවත දකුනට හරවා බදුල්ල, බංඩාරවෙල, නුවරඑළිය, කාෂල් රී ජලාශය, වික්ටෝරියා, රන්දෙනිගල, ළුනුගමිවෙහෙර, පිදුරුතලාගල, ශ්‍රී පාදස්ථානය හරහා මත්තල ගුවන්තොටුපොළට ලගා විය.
බොහෝ ස්ථාන උඩින් ගමන් කරද්දී යානය හැකි තරම් පහතින් රඳවාගනිමින් දරු දැරියන්ට එම ස්ථාන ගුවනින් නිරික්ෂනය කිරීෙමි අවස්ථාව ගුවන් නියමුවෝ ලබාදුන්හ.
ගුවන් සේවක සේවිකාවෝ ඇතුළු යානයේ කාර්‍ය මණ්ඩලයද යානය ආකර්ෂණීය ස්ථාන උඩින් ගමන් කරද්දී ඒ බව පැහැදිලි කරමින් දරුවන්ට තම අසුනින් නැගිට කවළු අසලට ගොස් සිරි නැරඹීමට අවස්ථාව සලසා දුන්හ.
ජීවිතයේ ප්‍රථම වතාවට ගුවන්ගමනක අසිරිය විඳි දරුවෝ ගුවන්යානය හරවන අවස්ථාවලදී උද්දාමයෙන් කෑගැසූහ.
මත්තල ගුවන්තොටුපොළවෙත පැමිණි දරුවෝ එහිද මද වෙලාවක් ගත කරමින් ගුවන්තොටුපොළක ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුමද ලබා ගත්හ.
සාමාන්‍ය ගුවන් ගමනකදී මෙන්ම එහිදීද ආගමන විගමන කටයුතු වලින් අනතුරුව නැවත කටුනායක බලා ගමන් ඇරඹුහ.
මත්තල සිට දකුනු මුහුදු තිරය හරහා පැමිණි යානය අඩි 2000 ත් 3000ත් අතර පහතින් පියාසර කරමින් හමිබන්තොට වරාය, තංගල්ල, මාතර, ගාල්ල ඔස්සේ කටුනායකට පැමිණියේ දරුවන්ට එම ප්‍රදේශද ගුවනින් නිරීක්ෂනය කිරීමට අවස්තාව සලසා දෙමිනි.
ඉතා පළපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් පැඳවූ යානය බොහෝ අවස්ථාවලදී අඩි 5000 ත් 2000 ත් අතර තබා ගනිමින් දරුවන්ට නැරඹුමි ස්ථාන පිළිබඳ පැහැදිලි කිරීමිද කරනු ලැබිය.
මෙහිදී මෙම දරුවන්ට වරින්වර ගුවන් නියමු කුටියවෙත ගොස් මවිබිෙමි අසිරිය විඳ ගැනීමට අවස්ථාවද උදා කර දෙනු ලැබීය.
ගුවන් සංචාරය අවසානයේ බොහෝ දරුවන් පැවසූෙවි ගුවන්ගමනක් යනු තමන්ට සිහිනයක්ව තිබූ දෙයක් බවත් අද එය සැබෑවීම පිළිබඳ අතිශයින් සතුටුවන බවත්ය. එසේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ගුවන්ගතවීම සඳහා අවශ්‍ය ලියකියවිලි පිළිබඳ දැනුම මෙන්ම රේගුෙවි කාර්්‍යභාරය, ආගමන විගමන කටයුතු ඇතුළු නීති රීති රැසක් ඉගෙන ගත් බවයි.
මෙය හුදෙක් ගුවන් සංචාරයක් පමණක් නොව දරුවන්ට ගුවන්ගමනක අත්දැකීම, දැනුම මෙන්ම ගුවන්ගමනක ආරමිභයේ සිට අවසානය දක්වා වූ ක්‍රියාවලිය මෙන්ම වගකීම පිළිබඳව අවබෝධ කරවීමට සමත් වූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු පැවසුහ.
මෙම ගුවන්ගමන් සඳහා ශ්‍රී ලංකන් ගුවන්සමාගෙමි පුහුණු කළමනාකාර ප්‍රිමල් ද සිල්වා, පුහුණු උපදේශක ෂෙර්වෝන් රොදිග්‍රෝ, ශ්‍රී ලංකන් කෙයාර්ස් හි කළමනාකරු නිරෝෂන් රණවක, ලලිත් පර්නෑන්ඩු, රුවන්ති රොඩ්රිගෝ, චානක ඔලගම, රේනුකා පෙරේරා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වුහ.


