දරුවෙක් අපයෝජනය කළ හමුදා නිලධාරියෙකු වසර 2 ක් සිරගෙට


(නිමන්ති රණසිංහ)

කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක වයස අවුරුදු පහක ගැහැණු දරුවකු අපයෝජනය කළැයි වරද පිළිගත් යුද හමුදාවේ හිටපු සාජන්වරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියම කළේය.

එසේම මෙම සිද්ධියේ වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් යම් හෙයකින්  එම වන්දිය නොගෙවන්නේ නම් තවත් අවුරුද්දක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද අධිකරණය මගින් විත්තිකරු වෙත නියම කළේය.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ පිලියන්දල පදිංචි අරඹගේ දොන් ප‍්‍රසන්න රන්ජිත් අතපත්තු නැමැති හිටපු යුද හමුදා සාජන්වරයෙකි.

ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 365 වගන්ති ප‍්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2016 වර්ෂයේදීය.