විනිතා .එම් ගමගේ සහ බිඟුන් මේනක ගමගේ
තලවතුගොඩ පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය තුළදී වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කළ මවක් මවක් අද (12) සවස කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
පරිවාස භාරයේ සිටින තම පුතුට දිගින් දිගමට සිදුවන හිරිහැර සම්බන්ධවයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කළද ඵලක් නොවු යැයි කියා ඇය මෙසේ සියදිවි හානි කරගැනීමට උත්සහ කර ඇතැයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
24 හැවිරිදි මෙම කාන්තාව අද (12) දිනය පුරා ජාතික ළමා ආරක්ෂක අධිකාරි කාර්යාලයේ සිට ඇති අතර වස පානය කර ඇත්තේ සවස් කාලයේ බවද ඔහු පැවසිය.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්.අබේරත්න මහතාගෙන් කළ විමසීමේ දී සිදුවීම සත්‍ය බවත් අදාළ කාන්තාව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නියක බවත් ඔහු පැවසීය.
ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවත් තත්ත්වය අසාධ්‍ය බැවින් අය කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් සභාපතිවරයා තවදුරටත් කීවේය.