(බිඟුන් මේනක ගමගේ)
වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.
පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තුන් වැනි පාර්ශවයක් විසින් ෆේස් බුක් මාධ්‍යට නිකුත් කරනු ලැබ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී තිබේ.
පසුව මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය යෙදී ඇත්තේ ද 14 සිට 20 වැනි දා දක්වාය.