දරුවාට දුන් දඬුවමට කිපී 6 ක් එක්ක ඇවිත් ගුරුවරයාට ගහලා


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කල්පිටිය ආලංකුඩා මුස්ලිම්  විද්‍යාලයේ ගුරුවරයකු  සිසුවකුට   දඬුවම් ලබා දිමට කුපිත වු දරුවාගේ පියා ඇතුළු හය දෙනෙකු  අද දින උදෑසන පාසලට කඩා වැදි අදාල ගුරුවරයාට පහර දි ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.
 
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආලංකුඩා මුස්ලිම් විද්‍යායේ 10 ‍ශ්‍රේණිය පංති භාර ගුරුවරයාය.
 
ගුරුවරයා පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ සදහන්ව  පංතියේ අධ්‍යාපනය ලබන සිසුවකු දිගින් දිගටම සිසුවියන් ට නොහොබිනා ලෙස විසුළු කරමින් හැසිරීම ගැන අවවාද කර තිබුනද එය කිසිදු ආකාරයක පිළි නොගත් බවයි.  ඉතාමත් අශෝබන ආකාරයට හැසිරෙන අවස්ථාවක දී දඬුවම් කළ බවත් ඉන් පසුව සිසුවා පාසලට පවා නොදන්වා පාසලෙන් නිවසට ගොස් පියාට දන්වා ඇති බවත් තම දරුවාට පහර දීමට කුපිත වු පියා තවත් පස් දෙනෙකුද රැගෙන  පාසලට කඩා  වැදී පංතියේ සිටි තමාට පංති කාමරයෙන් ඇද ඇදගෙන ගොස් පහර දුන් බවත් ගුරුවරයා කියා ඇත.