(දයාරත්න ඇඹෝගම)
මිය ගිය දස හැවිරිදි සිය පුත්‍රයාගේ දේහයට බුහුමන් දැක්විමට බිරිද ඉඩ නොදීමට විරෝධය දක්වමින් 47 හැවිරිදි පියෙකු අද (21) තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ගසකට නැග විරෝධතාවයක නිරත විය.
මෙසේ විරෝධතාවයක නිරත වුයේ රැවන්වැල්ල පදිංචි තුෂාර ආරියසිංහ(47) නැමැත්තෙකි.
ගස මතට නැගි විරෝධතාවයේ යෙදුන පුද්ගලයා තිරප්පනේ පුංචිකුලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ විවාහ වී පසුව වසර 10කට පමණ පසුව සිය බිරිඳ සහ දරුවා අතහැර ගොස් රැවන්වැල්ල ප්‍රදේශයෙන් වෙනත් විවාහයක් සිදු කර ගෙන එම ප්‍රදේශයේම දැනට පදිංචිව සිටින අයෙකි.
මේ අතරතුර පෙරේදා (20) ඔහුගේ මුල් බිරිදගේ දස හැවිරිදි පිරිමි දරැවා උණ රෝගය අසාධ්‍ය විම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් තිබුණි.
මෙම සිද්ධිය කණ වැකුණ පියා දරුවාගේ දේහය බැලිම සදහා තිරප්පනේ පුංචිකුලම නිවසට පැමිණියද බිරිද ගෙන් ඒ සඳහා ඉඩ නොලැබීමට විරෝධය පළ කරමින් ගසකට නැග විරෝධතාවයේ යෙදී නිරත විය.