
(සුමිත් පොතුපිටිය)
දේවස්ථානයට ගොස් නිවසට යමින් සිටී 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් මිහිරාජ් යූසුෆ් අලී නැමැති පාසල් සිසුවකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පාසල් සිසුවා පාපැදියෙන් මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට පාර මාරුවීමේදී ගාල්ල දෙසින් පැමිණි ලොරියට යටවී ඇති බව පොලිසිය කීය.
බරපතල තුවාල ලබා සිටි පාසල් සිසුවා කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කීය.

