ගින්නලිය ඌරුබොක්ක මාර්ගයේ ගින්නලිය විදුහල ඉදිරිපිට පදිකමාරු කහ ඉර අද ලකුණු කළ බව පොලීසිය කියයි.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය අද (9) කහ ඉර සලකුණු කළේය.
ගින්නලිය පාසලේ තුෂර විශ්මිත (6) ශිෂ්‍යයා ලොරියකට යටවී මිය ගිය ස්ථානයේ කහඉර සළකුණු කරන ලෙස මාස ගණනාවක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියට දැන්වූවත් දරුවා මිය යන තුරු එය ඉටු නොවීය.


