දරුවා අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට



 
(ජුඩ් සමන්ත)

වයස අවුරුදු 13 ක් වන පිරිමි දරුවෙකුව අපයෝජනයට ලක් කර ඇති 68 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක  ආවතේව කටයුතු කර ඇති අයෙකු බවට හෙළි වී ඇත.

විහාරස්ථානය අසලින් පුද්ගලික පන්තියක් සඳහා දරුවා ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු දරුවාව විහාරස්ථානයට කැඳවා අපයෝජනය කර ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.