දරුවන්ට පාසලක් ඉල්ලා පාරට බසිති


තම දරුවන් පළමු වැනි ශ්‍රේණියට ඇතුළු කිරීම සඳහා පාසලක් ඉල්ලා මව්පියෝ පිරිසක් කලවාන රත්නපුර මාරගයේ උද්ඝෝෂණය කිරීම නිසා වාහන ගමන ද පැය අටකට වැඩි කාලයක් අවහිර විය.

කලවාන ජාතික පාසල සපිරි පාසල් දහසේ වැඩපිළිවෙළට පත් කිරීම නිසා පළමුවැනි ශ්‍රේණිය ඉවත් කර ඇත.