
(රංජිත් රාජපක්ෂ )
තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.
දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිදගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේ නිවසේදි අවු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහර දි ඇති බවත්, සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගත වි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති බවත්, සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිලිපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.


