ඩිජිටල් තාක්‍ෂණික උපාංගයකින් හා දෙමාපියන් අනුමැතිය දෙන දුරකථන අංක තුනකට පමණක් ඇමතුම් ලබාගත හැකි උපකරණයක් ලබන සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
ජංගම දුරකථනයක් ආකාරයේ වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක‍්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.
119 හදිසි ඇමතුම් අංකයටද මේ උපාංගයෙන් ඇමතුම් ගත හැකිය.
දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් හා මොබිටෙල් දුරකථන සමාගම්වල සහාය ඇතිව මෙම උපාංගය හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.



