දරුවකුට අතවර කළ පාසල් වෑන් රියදුරාට සිර දඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ළදරු පාසල් යමින් සිටි බාලවයස්කාර ළමයෙකු අයුතු ලෙස ස්පර්ෂ කොට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වු පාසල් වෑන් රථ රියදුරෙකුට වසර 07ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 25,000/-ක දඩයක්  අද  (10) නියම කළේය.


මීට වසර 08ක කාලයකට පෙරදී මෙම සිදුවීමට ගොදුරුවු දරුවාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා දඩ සහ වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 03ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.


චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ 73 හැවරිදි වියේ පසුවන පාසල් වෑන් රථ රියදුරෙකුටය.


2010 වසරේදී මෙම සිදුවීම වී ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට කරන පැමිණිල්ලකින් අනතුරුව සිදුකළ විරුමර්ශන වලන් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.