දරු දෙන්නා දැක මව හඬා වැටෙයි
මිරිහානේ දී පසුගිය පස්වැනිදා රැගෙන ගිය බව කියන බිළිඳුන් දෙදෙනා පියා විසින් අද (14) මිරිහාන පොලිසියට ගෙන එද්දී එහි සිටි මව ප‍්‍රභානි ඩයස් මහත්මිය හඬා වැටුණාය. දරු දෙදෙනා කාගේ බාරයට පත් කරන්නේ දැයි තීරණයක් ගැනීමට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔවුන් සමග සාකච්ඡා කළහ.

