නිශාන්ත කුමාර
වයස අවුරුදු එක හමාරක් හා දෙක හමාරක් වූ තම දරු දෙදෙනාට වස පොවා තමුන්ද වස පානය කළ බව කියන කාන්තාවක් අද (25) මහියංගන මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මහියංගන ගැමුණුපුර ප්‍රදේශයේ එකම පවුලක මවක් හා දරු දෙදෙනෙකි. වස පානය කළ මව සහ වස පෙවිමෙන් අසාධ්‍ය තත්වයට පත් දරු දෙදෙනා මේ වන විට මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබයි.

