දරු උපතේදී මව්වරුන් මියයාම ඉහළයයි


(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකාවේ දරු උපත්වලදී මව්වරුන් මියයාම ඉහළයමින් තිබෙන අතර, සජීවී දරු උපත් 100,000කට මව්වරු 40ක් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.
 
ඉකුත් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ මව්වරුන් 326,000ක් සජීවී දරුවන් බිහි කළ අතර, ඉන් 15%ක ප්‍රමාණයක් වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් බවද කපිල ජයරත්න මහතා කීය.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධව ඉකුත් දා කොළඹදී පැවැති වැඩසටහනකදී ඔහු එසේ සඳහන් කළේය.
 
පවුල් සැලසුම වටා නිර්මාණය වී තිබෙන මිත්‍යා සහ දුර්මත දුරලීම සඳහා එම සංවාද වැඩසටහන පැවැත්විණි.