(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගානගරය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සාකච්ඡාවක නිරතව සිටි තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු අලුත්ගම පොලිසිය අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සමඟ අත් පත්‍රිකා හා මුද්‍රිත ටී ෂර්ට් කිහිපයක් ද ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දර්ගානගරයේ පදිංචිකරුවන් බවත් මෙම පිරිසගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් කියයි.

