( තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගා නගරයේ වැලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කරන 24 වියේ පසුවන පුද්ගලයා අයි.එස්.අයි.එස් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු බව තහවුරු කරගෙන ඇතැයි පොලීසිය පවසයි.
දෙහිවල බෝම්බයෙන් මරාගෙන මැරෙන බෝම්බකරු මියයාමට පැයකට පෙර මෙසේ අත්අඩංගුවේ පසුවන අයි.එස්.අයි.එස් ප්‍රබල ක්‍රියාකාරියා සමඟ දුරකතන සංවාදයක් පවත්වා ඇතැයිද තහවුරු වී ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා අද (28) අලුත්ගම දී පැවසීය.
මේ අතර අද(28) අලුයම අලුත්ගම දර්ගා නගරයේදී තවත් අයි.එස්.අයි.එස් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන 40 හැවිරිදි පුද්ගලයකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියලාල් මහතා පැවසීය.
අද අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

