(තුසිත කුමාර ද සිල්වා)
දර්ගානගරය අල කඳු පිටිය ප්‍රදේශයේ පොල්වත්තක තිබූ කඩු 5ක් සොයාගත් බව අලුත්ගම පොලිසිය කියයි.
මෙම කඩු පහෙන් එක් කඩුවක් ඉකුත්දා කොම්පඤ්ඤ වීදිය මුස්ලිම් පල්ලියක තිබී අත්අඩංගුවට ගත් කඩුවල තිබූ බව කියන ස්ටිකරය ද සහිත එකක් බව ද පොලීසිය කියයි.
මෙම කඩු පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදුකරන බව අලුත්ගම පොලීසිය පවසයි.


