දර්ගා නගරයේ අයි.ඕ.සී පිරවුම් හල දින 7කට වහයි


( තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ  ලංකා අයි.ඕ.සී ඉන්ධනහල ඉන්ධන හල දින හතක 7ක කාලයකට වසා තැබීමට එම  සමාගමේ ප්‍රධාන  කාර්යාලය  කළ නියෝග මත ඉන්ධන නිකුත් කිරීමේ සේවා තාවකාලික නවතා ඇතැයි  දර්ගා නගරයේ   ඉන්ධනහල් කළමනාකාරිත්වය අද (24) පැවසීය.

ප්‍රදේශයේ සංචාරක හා ව්‍යාපාරික ආයතන වලට විදුලිය  විසන්ධි වූ අවස්ථාවල එම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය ය විදුලි ජනක යන්ත්‍ර  ක්‍රියාකරවීම සඳහා කෑන්වලට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස දින හතක් වසා දැමීමට නියම කර තිබේ.  

මේ වන විට  ඉන්ධන හලේඉන්ධන තොග  අවසන් විඇති බවත්    එම නියෝග කාලය අවසන් වීමෙන් පසු නැවතත්  ඉන්ධන  නිකුත් කිරීමේ සේවාව සිදුකරන  බව පැවසීය.

මේ හේතුවෙන්  වැලිපැන්න දක්ෂිණ අධිවේගි  මාර්ගයට    ප්‍රවේශ වන රථ වාහන වලට ද ඉන්ධන ලබා ගැනීමට යම් බාධා ඇතිවෙන බව එම ආයතනයේ සේවකයන් වැඩිදුරටත් පැවසීය.