2014 ජූනියේදී අලුත්ගම, දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ ජනවාරි 27 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා,ප්‍රියන්ත ජයවර්ධන ,උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුලක් විසින් මෙය තීන්දු කලේය.
දර්ගා නගරයේ හටගත් ගැටුම්කාරි තත්ත්වය වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් විශාල ජිවිත හා දේපළ හානියක් සිදු වූ බව පෙත්සම්කාර මොහොමඩ් ෆයිසාල් ඇතුළු මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙකු ගොනු කළ අදාළ පෙත්සම් පහෙහි පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු පස් දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

