
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර ඇති බවකතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා සභාවේදී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම කමිටුව පත් කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
උපාලි පන්නිලගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

