දයාසිරි වතු සමාගම් වල ලාභ සභාගත කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

වතු සමාගම් හැම එකක්ම බිලියනයකට  වඩා ලාභ ගත් ආයතන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

"මම ඒ ලාභ පිළිබඳ ලේඛනයේ සභාගත කරනවා.මේ ලාභයෙන් බිලියන පහ, හයක් කිසි ගැටලුවකින් තොරව වතු කම්කරු ජනතාවට දෙන්න මේ අයට හැකියාව තියෙනවා.හැබැයි ඔවුන් ඒක දෙන්නේ නෑ.ඒ වෙනුවට ලාභාංශ උපරිම කරගෙන වැඩ කටයුතු කරනවා.

ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධව ගහපු ගිවිසුම් ගැන අපට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.පාර්ලිමේන්තු  සේවකයන් ගැන ජනතා විමුක්ති පෙරමුණේ උදවිය අතීතයේ බොහෝ සෙයින් කතා කළා.ඔවුන් උදේ සිට රෑ වනතුරු කැපවී සේවය කරනවා.විශේෂයෙන් මේ කාලයේ ඔවුන් කඩි ගුලක් වගේ වැඩ කරනවා.මේ පාර්ලිමේන්තුවේ ඔවුන්ට සලකන ක්‍රමයක් තිබුණා.අද ඒ ක්‍රමය නැති කරලා තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.