(ඉන්දිකා රාමනායක)
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන දයා මාස්ටර්ට අද (8) පස්වරුවේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
දයා මාස්ටර් අද පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වු අවස්ථාවේ පොලිසියට දැනුම් දීමක් කර ඇති අතර පොලිස් ජංගම රථය එම ස්ථානයට ගොස් පලායමින් සිටි සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෙට(9) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

