දයා ජයසුන්දරත් සමුගනී.


විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති දයා ජයසුන්දර මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු මහනුවර ධර්මාරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. උපපොලිස් පරීක්ෂකවරයකු වශයෙන් 1968 දී හේ පොලිසියට එක්විය.පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙසද දස වසරක් සේවය කළ ඔහු 2004 දී විශ‍්‍රාම ගියේය.දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. ආදාහනය ලබන පස්වැනිදා සවස හතරට බොරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.