දඹුලූ පුදබිමේ සැලැස්ම හය මාසයකින් අවසන්


දඹුල්ලේ පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙළ හය මාසයකින් ක‍්‍රියාත්මක කර අවසන් කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැෂියන් හේරත් මහතා දඹුල්ල විහාරයේ රැස්වීමකදී ප‍්‍රකාශ කළේය. උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි රන්ගිරි දඹුලූ පාර්ශවයේ ඉනාමළුවේ සුමංගල මහනාහිමි ද රාජ්‍ය නිලධාරියෝ ද පැමිණ සිටියහ. පූජා භූමි සංවර්ධනයක් සමග සියලූ අනවසර ඉදිකිරීම් ඉවත්කැරෙනු ඇත.